සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:155

إِنَّ الَّذِينَ تَوَلَّوْا مِنْكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُوا ۖ وَلَقَدْ عَفَا اللَّهُ عَنْهُمْ ۗ إِنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ

නියත වශයෙන් ම දෙපිරිස මුණ ගැසුණු දින නුඹලා අතරින් පිටු පා හැරී ගියවුන් වන ඔවුනට ෂෙයිතාන් ලිස්සා (මඟ හැර) යන්නට හැරියේ ඔවුන් ඉපැයූ දැයින් ඇතැම් කරුණු හේතු වෙනි. තවද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. නියත වශයෙන් ම අල්ලාහ් අති ක්ෂමා ශීලී ය. ඉතා ඉවසිලිවන්ත ය.

තෆ්සීර්

අහෝ! මුහම්මද්(සල්ලල්ලාහු අලය්හි වසල්ලම්)ගේ සගයිනි, උහද් පිටියේ දෙවියන්ට ආදේශ කළ සතුරු පාර්ශවය මුස්ලිම් සේනාව හමු වූ දිනයේ නුඹලාගෙන් ඇතැමෙකු පරාජයට පත් වූහ. ඔවුන් උපයාගත් පාපකම හේතුවෙන් එවන් තත්ත්වයකට ඇද දැමුවේ ෂෙයිතාන්ය. අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. වරදකරුවන් බවට හසුකර ගත්තේ නැත. එය ඔහුගෙන් වූ භාග්යයක් හා කරුණාවක් ලෙසිනි. කවරෙකු පාප ක්ෂමාව ඉල්ලා සිටියේ ද අල්ලාහ් ඔවුන්ගේ පාපයට ක්ෂමාව දෙන්නාය. දඬුවම් දීමට ඉක්මන් නොවන ඉවසලිවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න