සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:153
۞ إِذْ تُصْعِدُونَ وَلَا تَلْوُونَ عَلَىٰ أَحَدٍ وَالرَّسُولُ يَدْعُوكُمْ فِي أُخْرَاكُمْ فَأَثَابَكُمْ غَمًّا بِغَمٍّ لِكَيْلَا تَحْزَنُوا عَلَىٰ مَا فَاتَكُمْ وَلَا مَا أَصَابَكُمْ ۗ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
මෙම දූතයා (මුහම්මද්) නුඹලාට පිටුපසින් සිට නුඹලා කැඳවමින් සිටිය දී කිසිවකු දෙස හැරී නොබලා නුඹලා (කන්ද මතට) නැග ගිය සැටි සිහි කරන්න. නුඹලාට (ජය) අත පසු වූ බැවින් ද දුක හටගත් බැවින් ද නුඹලා ශෝකයට පත් නොවනු පිණිස ඊටත් වඩා මහත් දුකක් ඔහු නුඹලාට තිළිණ කළේ ය. අල්ලාහ් නුඹලා කරන දේ ගැන ප්රවීණයෙකි.
තෆ්සීර්
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, උහද් දිනයේ නුඹලා දූතයාණන්හට විරුද්ධ වීම හේතුවෙන් නුඹලාට අත් වූ ව්යසනය නිසාවෙන් මහපොළොවෙන් ඈතට නුඹලා පලා ගිය අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹලා අතුරින් කිසිවෙක් කිසිවකු පිළිබඳ සොයා නොබැලුවේය. රසූල්වරයාණන් නුඹලා හා දේව ආදේශකයින් අතර සිට නුඹලාගේ පසුපසින් නුඹලාට මෙසේ පවසා ඇරයුම් කළේය: “අල්ලාහ්ගේ ගැත්තනි, මා වෙත එන්න. අල්ලාහ්ගේ ගැත්තනි, මා වෙත එන්න. නුඹලාට අහිමි වූ ජයග්රහණය හා යුදමය භාණ්ඩ හේතුවෙන් නුඹලා දරන පීඩාව හා වේදනාව සඳහා අල්ලාහ් නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.” වේදනාව හා පීඩාව ඔහු පසුපස හඹා ආවේය. නුඹලා අතර නබි තුමාණන් මියගිය බවට ආරංචිය පැතිර ගියේය. නබි තුමාණන් ඝාතනය කරනු නොලැබුවේ යැයි නුඹලා දැනගත් පසු නුඹලාට අහිමි වූ ජයග්රහණය හා යුධමය භාණ්ඩ පිළිබඳවත් නුඹලාට අත් වූ ඝාතන හා තුවාල පිළිබඳවත් නුඹලා දුක් නොවනු පිණිස නුඹලාට මෙය පහළ කළේය. සියලුම විපත් හා වේදනාවන් නුඹලාට පහසු විය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලාගේ සිත් තුළ ඇති සියලුම තත්ත්වයන් හා නුඹලාගේ අවයව වලින් සිදු කරන ක්රියාවන් අල්ලාහ්ට සැගවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න