සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:152

وَلَقَدْ صَدَقَكُمُ اللَّهُ وَعْدَهُ إِذْ تَحُسُّونَهُمْ بِإِذْنِهِ ۖ حَتَّىٰ إِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِي الْأَمْرِ وَعَصَيْتُمْ مِنْ بَعْدِ مَا أَرَاكُمْ مَا تُحِبُّونَ ۚ مِنْكُمْ مَنْ يُرِيدُ الدُّنْيَا وَمِنْكُمْ مَنْ يُرِيدُ الْآخِرَةَ ۚ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ ۖ وَلَقَدْ عَفَا عَنْكُمْ ۗ وَاللَّهُ ذُو فَضْلٍ عَلَى الْمُؤْمِنِينَ

අල්ලාහ්ගේ අනුමැතියෙන් නුඹලා ඔවුන් ව මරා දැමූ අවස්ථාවේ ඔහුගේ ප්‍රතිඥාව ඔහු සැබැවින් ම නුඹලාට සැබෑ කළේය. නුඹලා ප්‍රිය කරන දෑ නුඹලාට පෙන් වූ පසු ව ද නුඹලා (නබිතුමාට) පිටුපා එම විෂයෙහි නුඹලා මතභේද ඇති කර ගෙන නුඹලා බියසුලු වූහ. නුඹලා අතුරින් මෙලොව ප්‍රිය කරන්නෝ ද වෙති. තවද නුඹලා අතුරින් පරලොව ප්‍රිය කරන්නෝ ද වෙති. පසු ව ඔහු නුඹලා පරීක්ෂා කිරීම පිණිස නුඹලා ව ඔහු ඔවුන්ගෙන් හැරෙව්වේය. තවද නුඹලාට ඔහු සමාව දුන්නේය. තවද අල්ලාහ් විශ්වාසවන්තයින් කෙරෙහි භාග්‍යයෙන් යුක්ත කෙනෙකි.

තෆ්සීර්

නුඹලාගේ සතුරන්ට එරෙහි ව කවර ජයග්රහණයක් අල්ලාහ් නුඹලාට ප්රතිඥා දී තිබුණේද එය ඔහු උහද් දිනයේ නුඹලාට පිරිනැමුවේය. උත්තරීතර අල්ලාහ්ගේ අනුහසින් නුඹලා ඔවුන් සමග දැඩි ලෙස සටන් කළ නමුත් කවර කරුණක් මත ස්ථාවරව සිටින්නැයි අල්ලාහ්ගේ දූතයාණන් නුඹලාට නියෝග කර සිටියේ ද නුඹලා එය පිළිපැදීමට අධෛර්යමත් වූහ. රැඳී සිටින්නැයි නියෝග කළ නියමිත ස්ථානයේ රැදී සිටීම සම්බන්ධයෙන් නුඹලා අතර මත ගැටුම් ඇති කරගනිමින් එය අතහැර දමා සතුරන් විසින් දමා ගිය යුදමය භාණ්ඩ රැස් කරන්නට පටන් ගත්තෝය. අල්ලාහ්ගේ දූතයාණන් නුඹලාට රැඳී සිටින්නැයි කළ නියෝගයට නුඹලා පිටුපෑවෝය. එසේ සිදු වූයේ නුඹලාගේ සතුරන්ට එරෙහිව නුඹලා කවර දෙයක් ප්රිය කළේද එම ජයග්රහණය නුඹලාට පිරිනැමීම සඳහා අල්ලාහ් අභිමත කිරීමෙන් පසුවය. නමුත් නුඹලාගෙන් පිරිසක් මෙලොව වස්තුවට ප්රිය කොට තමන්ගේ නියමිත ස්ථාන අතහැර දැමුවෝය. තවත් පිරිසක් මතු ලොවෙහි ප්රතිඵල අපේක්ෂාවෙන් සිටියෝය. එවැන්නන් දූතයාණන්ගේ නියෝගයට අවනත වී ඔවුන්ගේ නියමිත ස්ථානවල රැඳී සිටියෝය. පසු ව අල්ලාහ් නුඹලාගේ තත්ත්වය වෙනස් කළේය. නුඹලාට එරෙහි ව ඔවුනට බලය පිරිනැමීය. එය නුඹලා පරීක්ෂණයට ලක් කිරීම පිණිසය. ඉන් ලිස්සා ගැල වී ගොස් අධෛර්යයට පත් වූ අය අතුරින් ඒ මත ඉවසීමෙන් කටයුතු කරන දේව විශ්වාස කළවුන් කවුරුන්දැ?යි හෙළි කරනු පිණිසය. පසු ව අල්ලාහ්ගේ දූතයාණන්ගේ නියෝගයට විරුද්ධ වී නුඹලා කවර වරදක් සිදු කළේ ද අල්ලාහ් එයට සමාව දුන්නේය. දෙවියන් විශ්වාස කළවුන්හට අල්ලාහ් මගපෙන්වමින් අතිමහත් භාග්යය පිරිනැමීය. ඔවුන්ගේ වැරදි වලට සමාව දී ඔවුන් මුහුණ දුන් පරීක්ෂණ සඳහා කුසල් පිරිනැමීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න