සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:151
سَنُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُوا الرُّعْبَ بِمَا أَشْرَكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا ۖ وَمَأْوَاهُمُ النَّارُ ۚ وَبِئْسَ مَثْوَى الظَّالِمِينَ
කවර දෙයක් සම්බන්ධයෙන් බලයක් ඔහු ප්රතික්ෂේප කළවුන්ට පහළ නොකළේ ද එවැන්නක් ගෙන ඔවුන් අල්ලාහ්ට ආදේශ තැබූ හේතුවෙන් ඔවුන්ගේ සිත් තුළ අපි භීතිය හෙළන්නෙමු. තවද ඔවුන්ගේ වාසස්ථානය නිරා ගින්න ය. තවද අපරාධකරු වන්ගේ නවාතැන ඉතා නපුරු ය.
තෆ්සීර්
අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්ගේ හදවත් තුළට අපි දැඩි බිය හෙළන්නෙමු. ඔවුන් අල්ලාහ් වෙනුවට වෙනත් දෙවියන් ආදේශ කළ බැවින් ස්ථාවර ව සිට නුඹලා සමග සටන් කිරීමට ශක්තිය නොදරනු ඇත. ඔවුහු තමන්ගේ ආශාවන්ට වහල් වී ඒවාට නැමදුම් ඉටු කළහ. ඒවාට කිසිදු වරමක් අල්ලාහ් පහළ කර තිබුණේ ද නැත. මතු ලොවෙහි ඔවුන් හැරී ගොස් නවතිනුයේ නිරා ගින්නෙහිය. අපරාධකරුවන්ට හිමිවන නිරා ගින්න අති බිහිසුණුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න