සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:146

وَكَأَيِّنْ مِنْ نَبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثِيرٌ فَمَا وَهَنُوا لِمَا أَصَابَهُمْ فِي سَبِيلِ اللَّهِ وَمَا ضَعُفُوا وَمَا اسْتَكَانُوا ۗ وَاللَّهُ يُحِبُّ الصَّابِرِينَ

නබිවරු හා ඔවුන් සමඟ එක් ව (අල්ලාහ්ගේ මාර්ගයේ) සටන් කළ දැහැමියන් කොපමණක් වී ද? අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුනට සිදු වූ දෑ (දුෂ්කරතා) වෙනුවෙන් ඔවුහු අධෛර්ය නොවූහ. තවද ඔවුහු දුර්වල ද නොවූහ. එමෙන්ම (සතුරන්ට) යටහත් ද නොවූහ. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් ව ප්‍රිය කරයි.

තෆ්සීර්

තමන් සමග එක් ව තම අනුගාමකයින් තම පරමාධිපති වෙනුවෙන් සටන් කළ අල්ලාහ්ගේ නබිවරුන් කොපමණ දෙනෙක් වී ද? අල්ලාහ්ගේ මාර්ගයේ තමන්හට අත් වූ මරණ හා තුවාල හේතුවෙන් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමෙන් ඉවත් නොවූහ. සතුරන් සමග සටන් කිරීමට අධෛර්යමත් නොවූහ. සතුරන්ට යටත් නොවූහ. ඔවුහු ඉවසීමෙන් හා ස්ථාවර ව සිටියහ. අල්ලාහ්ගේ මාර්ගයේ දැඩි දුෂ්කරතා හා පීඩා විදිමින් ඉවසීමෙන් කටයුතු කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න