සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:145

وَمَا كَانَ لِنَفْسٍ أَنْ تَمُوتَ إِلَّا بِإِذْنِ اللَّهِ كِتَابًا مُؤَجَّلًا ۗ وَمَنْ يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَنْ يُرِدْ ثَوَابَ الْآخِرَةِ نُؤْتِهِ مِنْهَا ۚ وَسَنَجْزِي الشَّاكِرِينَ

නියම කරනු ලැබූ නිර්ණිත කාලයක අල්ලාහ්ගේ අනුමැති යෙන් මිස මරණයට පත්වීමට කිසිදු ආත්මයකට (හැකියාවක්) නොමැත. තවද කවරෙකු මෙලොව කුසල් අපේක්ෂා කරන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කවරෙකු මතුලොව කුසල් බලාපොරොත්තු වන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කෘතවේදී අයට අපි ප්‍රතිඵල පිරිනමන්නෙමු.

තෆ්සීර්

අල්ලාහ් යම් ආත්මයකට තීන්දු කළ නියමිත ආයුෂ කාලය සම්පූර්ණ වීමෙන් පසු ඔහුගේ තීරණය අනුව මිස කිසිදු ආත්මයක් මරණයට පත් වන්නේ නැත. එම ආයුෂ කාලයෙන් කිසිදු වැඩි වීමක් හෝ අඩු වීමක් හෝ සිදු නොවනු ඇත. කවරෙකු තමන් කරන ක්රියාවන් තුළින් මෙලොව යහපත පමණක් අපේක්ෂා කරන්නේ ද ඔහු වෙනුවෙන් නිර්ණය කරනු ලැබූ ප්රමාණය අපි ඔහුට පිරිනමන්නෙමු. නමුත් මතු ලොවෙහි කිසිදු කොටසක් ඔහුට හිමි නොවනු ඇත. කවරෙකු තමන් කරන ක්රියාවෙන් මතු ලොවේ අල්ලාහ්ගෙන් කුසල් බලාපොරොත්තු වන්නේ ද එහි කුසල් අපි ඔහුට පිරිනමන්නෙමු. තම පරමාධිපතිට කෘතවේදී ව කටයුතු කරන්නන්හට අතිමහත් ප්රතිඵල අපි පිරිනමන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න