සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:144
وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ ۚ أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلَىٰ أَعْقَابِكُمْ ۚ وَمَنْ يَنْقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَنْ يَضُرَّ اللَّهَ شَيْئًا ۗ وَسَيَجْزِي اللَّهُ الشَّاكِرِينَ
තවද මුහම්මද් දූතයෙකු මිස (වෙනත් කෙනෙක්) නොවේ. ඔහුට පෙර ධර්ම දූතයින් ඉකුත් වී ගියහ. (ඔවුන් අතුරින්) කෙනෙක් මිය ගියේ නම් හෝ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ නුඹලා නුඹලාගේ විලුඹු මතින් ආපසු හැරී ගියෙහුය. තවද කවරෙකු තම විලුඹු දෙක මතින් හැරී යන්නේ ද එවිට අල්ලාහ්ට කිසිවකින් හානියක් සිදු නොවන්නේ ම ය. අල්ලාහ් කෘතවේදී අයට ප්රතිඵල දෙනු ඇත.
තෆ්සීර්
මුහම්මද් තුමාණන් මීට පෙර මිය ගිය හෝ මරුමුවට පත් වූ අල්ලාහ්ගේ දූත වර්ගයා අතුරින් වූ දූතයකු මිස වෙනත් කිසිවකු නොවේ. ඔහු මිය ගියේ නම් හෝ මරුමුවට පත් වූයේ නම් නුඹලාගේ දහමින් නුඹලා ඉවත් ව යන්නෙහුද? යුද්ධය අතහැර දමන්නෙහුද? කවරෙකු තම දහම අතහැර දමා යන්නේද ඉන් කිසිදු හානියක් අල්ලාහ්ට සිදු වන්නේ නැත. ඔහු සර්ව බලධාරීය. අති බලසම්පන්නය. එසේ හානියක් සිදු වනුයේ දහම අතහැර ගිය අයටම ය. මෙලොවෙහි පමණක් නොව මතු ලොවෙහිද ඒ හේතුවෙන් ඔහු පරාජය අත් කර ගනු ඇත. අල්ලාහ්ගේ දහම මත ස්ථාවර ව රැදී සිටිමින් ඔහුගේ මාර්ගයේ කැපවෙමින් ඔහුට කෘතඥවන්නන්හට ඉමහත් ප්රතිඵල ඔහු පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න