සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:147
وَمَا كَانَ قَوْلَهُمْ إِلَّا أَنْ قَالُوا رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
අපගේ පරමාධිපතියාණනි! අපගේ පාපයන්ටත් අප විෂයෙහි සිදු වන සීමාව ඉක්මවීම් වලටත් අපට සමාව දෙනු මැනව! තවද අපගේ පාද ස්ථාවර කරනු මැනව! ප්රතික්ෂේප කළ ජනයාට එරෙහි ව ද අපට උදව් කරනු මැනව!
තෆ්සීර්
ඔවුන්හට දුෂ්කරතා හා පීඩාවන් ඇති වූ කල්හි ඒ ගැන ඉවසීමෙන් කටයුතු කළවුන්ගේ ප්රකාශය වූයේ: “අපගේ පරමාධිපතියාණනි, අප කළ පාපකම් වලටත් අපගේ කරුණු වලදී අප සීමාව ඉක්මවා කළ කටුයුතු වලටත් අපහට සමාව දෙනු මැනව! අපගේ සතුරන් අප මුණ ගැසෙන අවස්ථාවේ අපගේ පාද ස්ථාවර ව තබනු මැනව! ඔබ ව ප්රතික්ෂේප කරන පිරිසට එරෙහි ව අපහට උදව් කරනු මැනව!” යන පැතුමයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න