සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:136
أُولَٰئِكَ جَزَاؤُهُمْ مَغْفِرَةٌ مِنْ رَبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ
තම පරමාධිපතිගෙන් වූ සමාව හා ඒවාට පහළින් ගංගාවන් ගලා බසින ස්වර්ග උයන් තම ප්රතිඵල වශයෙන් හිමි කරගන්නෝ ඔවුහු ම ය. ඔවුහු එහි සදාතනිකයෝ ය. යහකම් කරන්නවුන්ගේ ප්රතිඵල යහපත් විය.
තෆ්සීර්
ප්රශංසා සහගත මෙම ගුණාංග හා තමන්ගේ කීර්තිමත් කටයුතු සම්බන්ධයෙන් මෙසේ වර්ණනා කරනු ලැබූවන් වනාහි ඔවුන්හට හිමි වන කුසල් වශයෙන් අල්ලාහ් ඔවුන්ගේ පාපකම් මකා දමනු ඇත. ඒ සඳහා සමාව දෙනු ඇත. මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔවුනට මතු ලොවෙහි ඇත. ඔවුන් එහි සදාකල් වෙසෙති. අල්ලාහ්ට අවනත වීම හේතුවෙන් ලෝවැසියන්ට පිරිනමනු ලබන එම ප්රතිඵල යහපතකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න