සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:135

وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللَّهُ وَلَمْ يُصِرُّوا عَلَىٰ مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ

තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත් ව සිටිය දී ඔවුන් කළ (වැරදි) දෑ හී ඔවුහු නිරත නොවූහ.

තෆ්සීර්

ඔවුන් මහා පාපයක් සිදු කළ විට හෝ ඒ හැර තමන් විසින් තමන්හටම යම් වරදක් සිදු කරගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. පිටුපාන්නන්හට කළ අවවාද හා බැතිමතුන් හට කළ ප්රතිඥාවන් පිළිබඳ සිහිපත් කරති. ඔවුන් පසුතැවිලි වී තම පාපයන් සඟවන මෙන් ද ඒ කළ වරද හේතුවෙන් තමන් වරදකරුවන් බවට නොගන්නා මෙන්ද ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් අයැද සිටිති. ඊට හේතුව අල්ලාහ් හැර වෙනත් කිසිවකු එම පාපයන්ට සමාව දිය නොහැකි බැවිණි. ඔවුන්ගේ පාපය මත ඔවුන් එල්බගෙන නොසිටිති. තමන් පාපයක් සිදු කර ඇති බව ඔවුන් මැනවින්ම දැන සිටිති. අල්ලාහ් ඒ සියලු පාපයන්හට සමාව දෙනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න