සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:134
الَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ ۗ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ
ඔවුහු කවරහු ද යත් සැපවත් අවස්ථාවන්හි ද දුෂ්කර අවස්ථා වන්හි ද වියදම් කරන්නෝ වෙති. තවද කෝපය මැඩ පවත්වාගන්නෝ හා මිනිසුනට සමාව දෙන්නෝ වෙති. තවද අල්ලාහ් (මෙවැනි) දැහැමියන් ව ප්රිය කරන්නේය.
තෆ්සීර්
මුත්තකූන් හෙවත් දෙවියන් පිළිබඳ බියෙන් හා සිහියෙන් පසුවන්නන් වනාහි, ඔවුන් තම ධනය වත්පොහොසත් කම් ඇති අවස්ථාවන්හි පමණක් නොව අගහිඟකම් ඇති අවස්ථාවන්හි ද අල්ලාහ්ගේ මාර්ගයේ වියපැහැදම් කරති. ප්රතිප්රහාර දීමට බලය ඇතත් ඔවුන් ඔවුන්ගේ කෝපය පාලනය කර ගනිති. ඔවුනට අපරාධ කළවුනට සමාව දෙති. මෙම ගුණාංග වලින් පැසසුමට ලක් වූ දැහැමියන් කෙරෙහි අල්ලාහ් ආදරය කරන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න