සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:133
۞ وَسَارِعُوا إِلَىٰ مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ
සමාව වෙතට ද දේව බිය බැතිමතුන් හට සූදානම් කරනු ලැබූ අහස් හා පොළොව තරම් ප්රමාණයෙන් වූ ස්වර්ග උයනක් වෙතට ද නුඹලා යුහුසුලු වනු.
තෆ්සීර්
අල්ලාහ්ගෙන් වූ අතිමත් සමාව නුඹලා ලබනු පිණිස දැහැමි දෑ සිදු කිරීමට යුහසුලු ව පෙරට එනු. දෙවිඳුන්ට අවනතභාවය පෙන්වන විවිධ කටයුතු වල නිරත වී ඔහු වෙත සමීප වනු. අහස් හා මහපොළොව තරම් වූ ස්වර්ගයට නුඹලා ඇතුළු වනු ඇත. එය අල්ලාහ් කෙරෙහි බැතියෙන් කටයුතු කරන තම ගැත්තන්හට ඔහු සූදානම් කර ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න