සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:137
قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ سُنَنٌ فَسِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
නුඹලාට පෙර ද (මෙවැනි) ක්රියා මාර්ගයන් ඉකුත් ව ගොස් හමාරය. එබැවින් නුඹලා මහපොළොවේ සැරිසරනු. තවද (සත්ය) බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ යි අධීක්ෂණය කරනු.
තෆ්සීර්
උහද් දිනයේදී දෙවියන් විශ්වාස කළවුන් පරීක්ෂාවට භාජනය කරනු ලැබූ කල්හි අල්ලාහ් ඔවුනට සැනසිලි බස් පවසා සිටියේය. එනම් දෙවියන් ප්රතික්ෂේප කළවුන් විනාශ කිරීමේ දේව න්යායය නුඹලාට පෙර විසූ ජන සමූහයන් අතර ද පැවතිණි. දෙවියන් විශ්වාස කලවුන් පරීක්ෂාවට ලක් වූ පසු අවසානය ඔවුන්හට යහපතක් විය. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි නුඹලා මහපොළොවේ සැරිසරා අවධානයෙන් බලනු. ඔවුන්ගේ නිවාස විනාශ වී ගියේය. ඔවුන්ගේ රජවරු ඉකුත් ව ගියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න