සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:129

وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ يَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ

අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතු ය. ඔහුට අභිමත වූ අයට සමාව දෙන්නේය. ඔහුට අභිමත වූ අයට දඬුවම් කරන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලී ය. අසමසම කරුණාන්විත ය.

තෆ්සීර්

අහස් හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ මැවීමත්, ඒවා සැලසුම් කිරීමත් අල්ලාහ් සතු කාර්යයකි. ඔහු කැමැති ගැත්තන්හට ඔහුගේ කරුණාව තුළින්, කළ පාපයන් සඳහා සමාව දෙනු ඇත. ඔහු අභිමත කළ අයට යුක්ති සහගත ලෙස දඬුවම් කරනු ඇත. තම ගැත්තන් අතුරින් කවරෙකු පශ්චාත්තාප වී සමාව අයැද සිටින්නේද ඔවුනට අල්ලාහ් අතික්ෂමාශීලීය. ඔවුන් විෂයයෙහි මහා කාරුණිකය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න