සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:128

لَيْسَ لَكَ مِنَ الْأَمْرِ شَيْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذِّبَهُمْ فَإِنَّهُمْ ظَالِمُونَ

ඔවුනට ඔහු සමාව දීම ගැන හෝ ඔවුනට ඔහු දඬුවම් කිරීම ගැන හෝ එවැනි විෂයක් සම්බන්ධ යෙන් (තීන්දු දීමට) නුඹට කිසිවක් නැත. හේතුව සැබැවින් ම ඔවුහු අපරාධකරුවෝ ය.

තෆ්සීර්

උහද් යුද්ධයේදී සිදුවුණු සිදුවීමෙන් පසු විනාශයට පත් වූ දේව ආදේශකයින්ගේ නායකයින්ට එරෙහි ව අල්ලාහ්ගේ දූතයාණෝ ප්රාර්ථාන කළ අවස්ථාවේ අල්ලාහ් එතුමාට මෙසේ පැවසීය: ඔවුන් ගැන කිසිදු අයිතියක් ඔබට නැත. සියලු කරුණු අල්ලාහ් සතුය. නුඹලා අතර අල්ලාහ් තීන්දු කිරීම හෝ ඔවුනට සමාව දී ඔවුන් ඉස්ලාමය තුළට පිවිසීම හෝ ඔවුන් ඔවුන්ගේ ප්රතික්ෂේප මත රැදී සිට ඔහු ඔවුන්ට දඬුවම් දීම යනාදී කරුණු මත ඔබ ඉවසීමෙන් කටයුතු කරන්න. හේතුව සැබැවින්ම ඔවුන් දඩුවම් ලැබීමට සුදුසු අපරාධකරුවෝ වෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න