සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:130
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَأْكُلُوا الرِّبَا أَضْعَافًا مُضَاعَفَةً ۖ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා පොලිය දෙගුණ ප්රගුණ කර අනුභව නොකරනු. තවද නුඹලා අල්ලාහ් ට බිය බැතිමත් වනු. නුඹලා ජයග්රහණය ලබා ගත හැකි වනු පිණිස.
තෆ්සීර්
අහෝ! අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි! අඥාන ජනයා සිදු කළාක් මෙන් නුඹලා දුන් ණය මුදලට අමතර ව ඊට වඩා වැඩියෙන් පොලී ගැනීමෙන් වැළකෙනු. අල්ලාහ්ගේ නියෝග පිළිපැදීම හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම සම්බන්ධයෙන් අල්ලාහ්ට බියවනු. මෙලොව හා මතු ලොව කවර යහපතක් නුඹලා පතන්නේද එය නුඹලාට හිමි විය හැක.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න