සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:126
وَمَا جَعَلَهُ اللَّهُ إِلَّا بُشْرَىٰ لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُمْ بِهِ ۗ وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
නුඹලාට ශුභාරංචියක් ලෙස හා එමගින් නුඹලාගේ හදවත් සන්සුන් වනු පිණිස මිස අල්ලාහ් එය සිදු නොකළේය. සර්ව බලධාරී ප්රඥාවන්ත අල්ලාහ් අබියසින් මිස එම උපකාරය නොවීය.
තෆ්සීර්
මෙම උපකාරය හා මලක්වරුන්ගේ සහය නුඹලාගේ සතුට හා යහපත වෙනුවෙන් මිස අල්ලාහ් පිරිනැමුවේ නැත. එමගින් නුඹලාගේ හදවත් සන්සුන් විය. එසේ නොමැති ව සැබෑ ජයග්රහණය මතුපිටින් දකින සාධකවලින් පමණක් සිදු නොවීය. සැබෑ ජයග්රහණය පැමිණියේ සර්ව බලධාරී අල්ලාහ් අබියසිනි. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක. ඔහු සැලසුම් කිරීමේ හා නීතිගත කිරීමේ මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න