සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:125

بَلَىٰ ۚ إِنْ تَصْبِرُوا وَتَتَّقُوا وَيَأْتُوكُمْ مِنْ فَوْرِهِمْ هَٰذَا يُمْدِدْكُمْ رَبُّكُمْ بِخَمْسَةِ آلَافٍ مِنَ الْمَلَائِكَةِ مُسَوِّمِينَ

නොඑසේ ය. නුඹලා ඉවසිලි වන්ත ව ද බිය බැතිමත් ව ද සිටින්නේ නම් එම අවස්ථාවේ ඔවුන් ක්ෂණික ව (ප්‍රහාරයක් දෙනු පිණිස) නුඹලා වෙත ඔවුන් පැමිණියේ නම් (යුද) සලකුණු තබනු ලැබූ පන් දහසක මලක් වරුන්ගෙන් නුඹලාගේ පරමාධි පති නුඹලාට උදව් කරනු ඇත.

තෆ්සීර්

එසේය. සැබැවින්ම එය නුඹලාට ප්රමාණවත් විය. අල්ලාහ්ගෙන් වූ තවත් උපකාරයක ශුභාරංචියක් නුඹලාට විය. නුඹලා යුද පිටියේ ඉවසීමෙන් යුතු ව අල්ලාහ් පිළිබඳ බැතිමත් ව කටයුතු කර තිබුණු අවස්ථාවක සතුරන් නුඹලා වෙත කඩා පනින වේලාවේ ඔවුන් වෙත අමතර පිරිසක් පැමිණියේ නම් සැබැවින්ම සලකුණු තබන ලද ඔවුන් ව හඳුනා ගත හැකි මලක්වරුන් පන්දහසක පිරිසක් මගින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උදව් කරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න