සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:123
وَلَقَدْ نَصَرَكُمُ اللَّهُ بِبَدْرٍ وَأَنْتُمْ أَذِلَّةٌ ۖ فَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ
නුඹලා දුබලයින් ව සිටිය දී ඇත්තෙන්ම අල්ලාහ් බද්ර් (සටනෙ) හි නුඹලාට උදව් කළේය. එබැවින් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ් ට බිය බැතිමත් වනු.
තෆ්සීර්
නුඹලා දුර්වල ව සිටියදී බද්ර් සටනෙහි දෙවියන්ට ආදේශ කළවුන්ට එරෙහි ව අල්ලාහ් නුඹලාට උදව් කළේය. එවිට නුඹලා මිනිස් බලයෙන් හා අයුධ බලයෙන් ඉතා අඩු ප්රමාණයකින් සිටියහ. එහෙයින් නුඹලා වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයට නුඹලා කෘතගුණ සලකනු පිණිස නුඹලා අල්ලාහ්ට බැතිමත් ව ඔහු ගැන මතකයෙන් කටයුතු කරනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න