සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:122
إِذْ هَمَّتْ طَائِفَتَانِ مِنْكُمْ أَنْ تَفْشَلَا وَاللَّهُ وَلِيُّهُمَا ۗ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
නුඹලා අතුරින් දෙපිරිසක් තමන් අධෛර්යට පත් ව ඇතැයි සිතූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් දෙපිරිසගේ භාරකරු අල්ලාහ්ය. එබැවින් විශ්වාස වන්තයින් අල්ලාහ් කෙරෙහිම සියල්ල භාර කළ යුතු ය.
තෆ්සීර්
අහෝ! නබිවරය, බනූ සලිමා හා බනූ හාරිසා යන දෙවියන් විශ්වාස කළ කණ්ඩායම් දෙක දුර්වලතාවට පත් වූ අවස්ථාවේ ඇති වූ සිදුවීම ගැන මෙනෙහි කර බලනු. කුහකයින් හැරී යන මොහොතේ මොවුන්ද හැරී යන්නට තැත් කළෝය. යුද පිටිය මත ඔවුන් ස්ථාවරව සිටීමෙන් හා ඔවුන් කවර දෙයක් සිතුවේ ද එයින් හැරීමෙන් අල්ලාහ් ඔවුනට උදව් කරනු ඇත. එය අල්ලාහ්ට පමණක් හැකිය. එහෙයින් සියලු තත්ත්වයන් තුළ දෙවියන් විශ්වාස කරන්නන් ස්ථාවර ව සිටිය යුතුයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න