සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:121
وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّئُ الْمُؤْمِنِينَ مَقَاعِدَ لِلْقِتَالِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
යුද්ධය වෙනුවෙන් නියමිත ස්ථානයන්හි විශ්වාසවන්තයින් ව සීරුවෙන් තැබීම පිණිස නුඹගේ පවුල වෙතින් උදෑසන පිටත් ව ගිය අවස්ථාව සිහිපත් කරනු. තවද අල්ලාහ් සර්ව ශ්රාවක ය. සර්ව ඥානී ය.
තෆ්සීර්
අහෝ! නබිරවය, දහවල් කාලයේ ආරම්භයේදීම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සටන් කිරීම සඳහා මදීනාවේ සිට උහද් යුද පිටියට පිටත් ව ගිය අවස්ථාව මෙනෙහි කර බලනු. දෙවියන් විශ්වාස කළ මුඃමින්වරුන් යුද පිටියේ සීරුවෙන් පෙළ ගස්වා ඔවුන් සෑම කෙනෙකුගේම ස්ථානය ඔබ ඔවුනට පැහැදිලි කළෙහිය. අල්ලාහ් නුඹලා කරන ප්රකාශයන්ට සවන් දෙන්නාය. එමෙන්ම නුඹලාගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න