සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:120

إِنْ تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِنْ تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُوا بِهَا ۖ وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا ۗ إِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ

නුඹලාට යම් යහපතක් ස්පර්ශ කළේ නම් එය ඔවුන් ව දුකට පත් කරවයි. තවද නුඹලාට යම් අයහපතක් වැලඳුණේ නම් එමගින් ඔවුහු සතුටට පත් වෙති. තවද නුඹලා ඉවසා බිය බැතිමත් වන්නේ නම් ඔවුන්ගේ කුමන්ත්‍රණ කිසිවක් නුඹලාට හානිදායක නොවෙයි. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව සර්ව ප්‍රකාරයෙන්ම දන්නා ය.

තෆ්සීර්

අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, සතුරන්ට එරෙහි ව යම් ජයග්රහණයක් නුඹලාට ලැබුණු විට හෝ ධනය හා දරුවන්ගේ වර්ධනයක් දුටු විට ඔවුන් දුකට හා ශෝකයට පත් වෙති. නමුත් නුඹලාට එරෙහි ව සතුරන් විසින් යම් ජයක් අත්පත් කර ගෙන නුඹලාට යම් අභාග්යයක් සිදු වූ විට හෝ ධනය හා දරුවන් අහිමිවීමෙන් යම් අභාග්යයක් ඇති වූ විටෙක ඒගැන ඔවුන් සතුටු වෙති. නුඹලාට අත් වූ ඉරණම ගැන ප්රීති වෙති. අල්ලාහ්ගේ නියෝග හා ඔහු තීන්දු කළ දෑ නුඹලා ඉවසීමෙන් යුතු ව භාර ගෙන ඔහුගේ කෝපයට බිය වී නුඹලා බැතිමත් ව කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ කුමන්ත්රණ හෝ ඔවුන්ගේ තාඩන පීඩන කිසිවක් නුඹලාට හානියක් ඇති නොකරනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඔවුන් කරන කුමන්ත්රණ ගැන සර්වප්රකාරයෙන්ම දන්නේය. ඔහු ඔවුන් පරාජිතයින් බවට පත් කරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න