සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:119

هَا أَنْتُمْ أُولَاءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ وَإِذَا لَقُوكُمْ قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا عَضُّوا عَلَيْكُمُ الْأَنَامِلَ مِنَ الْغَيْظِ ۚ قُلْ مُوتُوا بِغَيْظِكُمْ ۗ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

මෙන්න! නුඹලා ඔවුන් ව ප්‍රිය කරන්නෙහුය. නමුත් ඔවුහු නුඹලා ව ප්‍රිය නොකරති. තවද නුඹලා දේව ග්‍රන්ථ සියල්ල විශ්වාස කරන්නෙහුය. තවද ඔවුහු නුඹලා ව මුණ ගැසුණු විට අපි විශ්වාස කළෙමු යැයි පැවසුවෝය. ඔවුහු වෙන් ව ගිය විට කෝපය හේතුවෙන් නුඹලාට එරෙහි ව ඇඟිලි තුඩු විකුවෝය. (නබිවරය!) නුඹලා ගේ කෝපය සමඟ ම නුඹලා මිය යනු. නියත වශයෙන් ම හදවත් සතු දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානී ය යැයි පවසනු

තෆ්සීර්

අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, මෙන්න නුඹලා එම ජනයා හිතමිතුරන් ලෙස පත් කරගෙන ඇත. ඔවුන් නුඹලා ව පිළිකුල් කරන තත්ත්වයේ නුඹලාට යහපතක් සිදු වීම ගැන ඔවුන් අකමැත්තෙන් සිටියදී නුඹලා ඔවුනට යහපත කරන්නෙහුය. නමුත් ඔවුන් නුඹලාට සතුරුකම් කරති. නුඹලා දෙවියන් විසින් පහළ කරන ලද පුස්තක සියල්ල විශ්වාස කරන්නෙහුය. ඔවුන්ගේ පුස්තකය ද ඉන් එකකි. නමුත් නුඹලාගේ නබිවරයා වෙත අල්ලාහ් පහළ කළ ග්රන්ථය ඔවුන් විශ්වවාස නොකරති. ඔවුන් නුඹලා ව මුණගැසුණු විට ‘අපි සත්යයම විශ්වාස කරන්නෙමු’ යැයි වචනයට පමණක් පවසති. නමුත් ඔවුනොවුන් එකතු වුණු විට ඔවුන්ගේ ඇඟිලි තුඩු නමා ගනිමින් නුඹලාගේ ඒකීය විශ්වාසය ඒකමතික ව කළ ප්රකාශය හා ඉස්ලාමයේ ගෞරවය කෙරෙහි ඇති කෝපය පිට කරති. එමෙන්ම ඔවුනට අත් වූ අවමානය ගැනද කතා කරති. අහෝ! නබිවරය, ඔබ එම පිරිසට මෙසේ පවසන්න. ‘නුඹලා කවර කරුණක් මත කෝපයෙන් හා වෛරයෙන් සිටින්නේද ඒ අයුරින්ම නුඹලා මරණයට පත්වහු. හදවත් තුළ ඇති දේව විශ්වාසය හා ප්රතික්ෂේපය ගැනත් යහපත හා අයහපත ගැනත් සැබැවින්ම අල්ලාහ් මැනවින් දන්නාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න