සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:118

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا بِطَانَةً مِنْ دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًا وَدُّوا مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاءُ مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ ۚ قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ ۖ إِنْ كُنْتُمْ تَعْقِلُونَ

අහෝ විශ්වාස කළවුනි! නුඹලා අතුරින් මිස (සෙසු අය) සමීපතම මිතුරන් ලෙස නොගනු. ඔවුහු නුඹලාට අසාධාරණකම් කිරීමෙන් අඩුවක් නොකරති. නුඹලා ව පීඩාවට පත් කළ දෑ ඔවුහු ප්‍රිය කළෝය. ඔවුන්ගේ මුවින් ක්‍රෝධය හෙළි විය. ඔවුන්ගේ හදවත් සඟවා ඇති දෑ ඉතා දරුණුය. නුඹලා වටහා ගන්නන් ව සිටියේ නම් නුඹලාට මෙම වදන් අපි පැහැදිලි කළෙමු.

තෆ්සීර්

අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි, දෙවියන් කෙරෙහි විශ්වාස කළවුන් හැර එය ප්රතික්ෂේප කරන්නන් නුඹලාගේ හිතමිතුරන් ලෙස හෝ සුදනන් ලෙස හෝ නොගනු. නුඹලාගේ රහසිගත දෑ හා නුඹලාගේ විශේෂ තත්ත්වයන් නුඹලා ඔවුනට දැන ගැනීමට ඉඩ දෙන්නෙහුය. නමුත් නුඹලාට හිංසා කිරීමෙහි හා නුඹලා තුළ කලහකම් ඇති කිරීමෙහි කිසිදු අඩුවක් ඔවුන් සිදු කරන්නේ නැත. නුඹලාට හානි පමුණුවන්නටත් පීඩා කිරීමටත් ඔවුන් අපේක්ෂා කරති. ඔවුන්ගේ අකමැත්ත හා සතුරුකම ඔවුන්ගේ මුඛවල් වලින් හෙළි වී ඇත. නුඹලාගේ දහමට අපහාස කරමින්, නුඹලා අතර ගැටුම්කාරී තත්ත්වයන් ඇති කරමින් නුඹලාගේ රහස් හෙළි කරමින් ඔවුන් කටයුතු කරති. ඔවුන්ගේ සිත් තුළ සඟවා ඇති පිළිකුල් සහගත දෑ අතිභයානකය. අහෝ! විශ්වාසකළවුනි, මෙලොවෙහි හා මතු ලොවෙහි යහපත ගෙන දෙන කරුණු පිළිබඳ පැහැදිලි සාධක අපි නුඹලාට විස්තර කර ඇත්තෙමු. නුඹලාගේ පරමාධිපති නුඹලා වෙත පහළ කර ඇති දෑ ගැන නුඹලා වටහා ගන්නේ නම් එය නුඹලාට යහපත් වනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න