සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:117
مَثَلُ مَا يُنْفِقُونَ فِي هَٰذِهِ الْحَيَاةِ الدُّنْيَا كَمَثَلِ رِيحٍ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍ ظَلَمُوا أَنْفُسَهُمْ فَأَهْلَكَتْهُ ۚ وَمَا ظَلَمَهُمُ اللَّهُ وَلَٰكِنْ أَنْفُسَهُمْ يَظْلِمُونَ
මෙලොව ජීවිතයෙහි ඔවුන් විදයම් කරන දෑ ට උපමාව නම් එහි අධික සීතල සහිත දැඩි සුළඟක් මෙනි. තමන් තමන්ට ම අපරාධ කර ගත් පිරිසකගේ කෙතට එය පතිත විය. එවිට එය විනාශ කර දැමීය. අල්ලාහ් ඔවුනට අපරාධ නොකළේය. නමුත් ඔවුන් ඔවුනටම අපරාධ කර ගන්නෝය.
තෆ්සීර්
මෙවන් ප්රතික්ෂේපකයින් විසින් යහපත අපේක්ෂාවෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් විය පැහැදම් කරන දෑ දැඩී සීතල සහිත සුළගට සමානය. එය පාපකම් හා වෙනත් අපරාධ සිදු කරමින් තමන්හටම අපරාධ කරගත් පිරිසකගේ වගා භූමි දෙසට හැමීය. එය ඔවුන්ගේ භෝග වගාවන් විනාශ කර දැමීය. ඔවුන් එයින් දැඩි සේ යහපත අපේක්ෂා කළෝය. නමුත් මේ සුළග වගාවන් විනාශ කර දමන සෑම විටෙකම එය ඔවුනට ප්රයෝජනවත් නොවීය. දෙවියන් ප්රත්ක්ෂේප කිරීම ද එලෙසමය. එය ඔවුන් කුසල් බලාපොරොත්තු වෙන් සිදු කරන ක්රියාවන්හි කුසල් නිෂ්ඵල කරනු ඇත. අල්ලාහ් ඔවුනට කිසිදු අසාධාරණයක් සිදු කර නැත. ඔවුන් ඔහු ප්රතික්ෂේප කළ බැවින්ද ඔහුගේ දූතයින් බොරු කළ බැවින්ද ඔවුහු ඔවුනටම අපාරධ කර ගත්තෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න