සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:116

إِنَّ الَّذِينَ كَفَرُوا لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَيْئًا ۖ وَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۚ هُمْ فِيهَا خَالِدُونَ

නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් අල්ලාහ්ගෙන් (දඬුවම් වශයෙන් පැමිණෙන්නා) වූ කිසිවකට (එරෙහි ව) ඔවුන්ගේ ධන සම්පත් හෝ ඔවුන්ගේ දරු සම්පත් හෝ ඔවුනට ප්‍රයෝජනවත් නොවන්නේ ම ය. තවද නිරා ගින්නේ සගයෝ ඔවුහු ම ය. තවද ඔවුහු එහි සදාතනිකයෝ ය.

තෆ්සීර්

සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට අල්ලාහ්ගෙන් හිමිවීමට නියමිත කිසිදු දඩුවමක් ඔවුන්ගේ ධනය හෝ දරුවන් ඉදිරිපත් වී වළක්වන්නේ නැත. ඔහුගේ දඩුවම ඉවත් කළ ද නොහැක. එමෙන්ම ඔහුගේ කරුණාව ඔවුනට ගෙන දෙන්නට ද නොහැක. එනමුත් ඔවුනට දඬුවම හා අලාභය වැඩි කර දෙනු ඇත. නිරයට අනිවාර්යය වූවෝ මොවුහු වෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න