සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:113

۞ لَيْسُوا سَوَاءً ۗ مِنْ أَهْلِ الْكِتَابِ أُمَّةٌ قَائِمَةٌ يَتْلُونَ آيَاتِ اللَّهِ آنَاءَ اللَّيْلِ وَهُمْ يَسْجُدُونَ

ඔවුහු (සියල්ලෝ ම) එක සමාන නොවූහ. දේව ග්‍රන්ථය ලත් ජනයා අතුරින් (යහ මාර්ගයේ) ස්ථීර ව සිටින සමාජයක් ද විය. ඔවුහු රාත්‍රී කාලයේ (සලාතයේ දී) හිස නමා නමස්කාර කරමින් අල්ලාහ්ගේ වැකි පාරායනය කරති.

තෆ්සීර්

ආගම්ලත් ජනයාගේ තත්ත්වයන් එකිනෙකාට සමාන නොවීය. ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ගේ දහම මත ස්ථාවර ව සිටියහ. අල්ලාහ්ගේ නියෝග පිළිපැද්දාහ. ඔහු තහනම් කළ දැයින් වැළකී සිටියහ. රාත්රී කාලයේ අල්ලාහ්ට සලාත් නැමදුම් ඉටු කරමින් ඔහුගේ වදන් පාරායනය කළහ. මුහම්මද් නබි තුමාණන්ගේ පැමිණීමට පෙර මෙසේ කටයුතු කළ පිරිස එතුමාණන්ගේ පණිවිඩය ලැබුණු විට එය පිළිගෙන ඉස්ලාම ය වැලඳ ගත්හ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න