සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:114

يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُولَٰئِكَ مِنَ الصَّالِحِينَ

තවද ඔවුහු අල්ලාහ් ව ද පරමාන්ත දිනය ද විශ්වාස කරති. තවද යහපත විධානය කරති. අයහපතින් වළක්වාලති. දැහැමි කටයුතු වල යුහුසුලු ව යෙදෙති. තවද ඔවුහු දැහැමියන් අතුරින් වෙති.

තෆ්සීර්

ඔවුන් අල්ලාහ් හා අවසන් දිනය පිළිබඳ තරයේම විශ්වාස කළහ. යහපත් හා දැහැමි කටයුතු ජනයාට විධානය කොට පිළිකුල් සහගත හා නපුරු දැයින් ඔවුන් වැළැක්වූහ. යහපත් කටයුතු සිදු කිරීමට තරග වැදුණහ. අල්ලාහ්ට අවනත වීමේ අවස්ථාවන් ප්රයෝජනයට ගත්හ. චේතනාවන් හා ක්රියාවන් විධිමත් කරගත් අල්ලාහ්ගේ ගැත්තන් මෙම ගුණාංග ඇත්තන් යැයි ඔවුන් වර්ණනා කරනු ලැබීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න