සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:112

ضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ أَيْنَ مَا ثُقِفُوا إِلَّا بِحَبْلٍ مِنَ اللَّهِ وَحَبْلٍ مِنَ النَّاسِ وَبَاءُوا بِغَضَبٍ مِنَ اللَّهِ وَضُرِبَتْ عَلَيْهِمُ الْمَسْكَنَةُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ الْأَنْبِيَاءَ بِغَيْرِ حَقٍّ ۚ ذَٰلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ

අල්ලාහ්ගේ රැහැනින් හා මිනිසාගේ රැහැනින් (ඔවුහු මිදුණේ නම්) මිස ඔවුන් කොතැනක සිටිය ද ඔවුනට අවමානය නියම විය. තවද ඔවුහු අල්ලාහ්ගෙන් වූ කෝපයට ලක් වූහ. එමෙන්ම ඔවුන් කෙරෙහි දිළිඳුකම ද නියම විය. එය ඔවුන් අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් හා යුක්තියෙන් තොර ව නබිවරුන් ව ඝාතනය කරමින් සිටි බැවිනි. එය ඔවුන් පිටුපාමින් සිටි බැවින් ද ඔවුන් සීමාව ඉක්මවා යමින් සිටි බැවින් ද වේ.

තෆ්සීර්

යුදෙව්වන් කොතැනක දුටුව ද අවමානය හා අවනම්බුව ඔවුන් වෙළා ගෙන තිබිණ. කිසියම් හෝ ගිවිසුමකින් මිස එසේත් නැතහොත් උත්තරීතර අල්ලාහ්ගෙන් හෝ මිනිසුන්ගෙන් ලැබෙන ආරක්ෂාවකින් මිස වෙනත් ආරක්ෂාවක් ඔවුනට නොවීය. අල්ලාහ්ගේ කෝපයට ලක් ව ඔවුන් හැරී ගියහ. අවශ්යතා හා දිළිඳුකම ඔවුන් වෙළාගන්නට සැලැස්වීය. එය ඔවුන් අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළ බැවින් හා ඔහුගේ නබිවරුන් අපරාධකාරී ව ඝාතනය කළ බැවින්ය. එමෙන්ම ඔවුන් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගොස් පිටුපාමින් සිටි හේතුවෙන්ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න