සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:111

لَنْ يَضُرُّوكُمْ إِلَّا أَذًى ۖ وَإِنْ يُقَاتِلُوكُمْ يُوَلُّوكُمُ الْأَدْبَارَ ثُمَّ لَا يُنْصَرُونَ

සුළු වේදනාවකින් හැර ඔවුනට නුඹලා වෙත හිංසා කළ නොහැක්කේ ම ය. තවද නුඹලා සමඟ ඔවුහු සටන් වදින්නේ නම් ඔවුහු නුඹලාට පිටු පස හැරී පලා යති. ඉන්පසු ව ඔවුහු උදව් කරනු නොලබති.

තෆ්සීර්

අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, ඔවුන් තුළ සතුරුකම් තිබුණ ද ඔවුන් දහමට බැණ වැදීම අපහාස කිරීම වැනි කටින් කරන ලද සුළු අපහාස හැර නුඹලාගේ දහමට හෝ නුඹලාගේ ජීවිත වලට හානියක් සිදු කිරීමට ඔවුනට නුපුළුවන. ඔවුන් නුඹලා සමග සටන් වදින්නේ නම් නුඹලා ඉදිරියේ පරාජයට පත් ව ඔවුන් පලා යනු ඇත. නුඹලාට එරෙහි ව කිසිවිටෙක ඔවුන් උදව් නොලබනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න