සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:110
كُنْتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَتُؤْمِنُونَ بِاللَّهِ ۗ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَهُمْ ۚ مِنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ
ජනයා වෙනුවෙන් බිහි කරනු ලැබූ ශ්රේෂ්ඨතම සමාජය නුඹලා වන්නෙහුය. නුඹලා යහපත අණ කර අයහපතින් වළක් වන්නෙහුය. තවද අල්ලාහ් ව විශ්වාස කරන්නෙහුය. තවද දේව ග්රන්ථය ලැබූ ජනයා ද විශ්වාස කළේ නම් එය ඔවුනට යහපතක්ම වනු ඇත. ඔවුන් අතුරින් විශ්වාසවන්තයෝ ද සිටිති. තවද ඔවුන්ගෙන් බහුතරය පාපතරයෝ ය.
තෆ්සීර්
අහෝ! මුහම්මද්ගේ ජන සමූහයනි, දේව විශ්වාසය හා ගරු කටයුතු සම්බන්ධයෙන් මිනිසුන් අතරට අල්ලාහ් බිහි කළ ශ්රේෂ්ඨතම ජනසමාජය නුඹලාය. එමෙන්ම මිනිස් සමාජයට වඩාත් ප්රයෝජනවත් අයද නුඹලාමය. බුද්ධිය පිළිගන්නා සුළු කවර යහපත් කරුණක් වෙත ෂරීආ හෙවත් දහම මග පෙන්වන්නේද එය නුඹලා ජනයාට අණ කර සිටින්නෙහුය. එමෙන්ම බුද්ධිය පිළිකුල් කරන සුළු කවර පිළිකුල් සහගත කරුණක් ෂරීආ ව තහනම් කර ඇත්තේද එයින් නුඹලා ජනයා වළක්වාලන්නෙහුය. නුඹලා කරන ක්රියාවන් නුඹලාගේ විශ්වාසය තහවුරු කරන තරමට තරයේම නුඹලා අල්ලාහ් විශ්වාස කරන්නෙහුුය. ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනතාව මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) පිළිබඳ විශ්වාස කළේ නම් එය ඔවුනට මෙලොවට මෙන්ම මතු ලොවටද යහපත් වනු ඇත. නමුත් ආගම් ලත් ජනයා අතරින් කිහිප දෙනෙකු මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේද එය විශ්වාස කළ අතර ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ්ගේ දහමින් හා පිළිවෙතින් දුරස් වූවෝ වූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න