සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:106
يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ ۚ فَأَمَّا الَّذِينَ اسْوَدَّتْ وُجُوهُهُمْ أَكَفَرْتُمْ بَعْدَ إِيمَانِكُمْ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
එදින ඇතැම් මුහුණු සුදු පැහැ ගැන් වෙයි. තවත් මුහුණු කළු පැහැ ගැන් වෙයි. තම මුහුණු කළු පැහැ ගැන් වූ අය වූ කලී නුඹලා විශ්වාස කළ පසු ප්රතික්ෂේප කළෙහු ද, එහෙයින් නුඹලා ප්රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා මෙම දඬුවම විඳිනු (යැයි ඔවුනට කියනු ලැබේ.)
තෆ්සීර්
මෙම මහත් දඬුවම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට හිමිවනු ඇත. එවිට දෙවියන් විශ්වාස කළවුන්ගේ මුහුණු සතුටින් හා සොම්නසින් ප්රසන්න ව පවතී. දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ මුහුණු දුකින් හා දොම්නසින් අප්රසන්න ව පවතී. තම මුහුණු අඳුරින් වෙළී අප්රසන්න ව සිටින අය වනාහි පිළිකුල් සහගත ලෙසින් ඔවුන්ගෙන් මෙසේ විමසනු ලැබේ. නුඹලා අල්ලාහ්ගේ ඒකීයත්වය හා කිසිවක් ඔහුට සමාන නොකරන බවට එකඟ වී එය තහවුරු කොට ඉන් පසු ඔහු සමග ඇති කර ගත් ගිවිසුම නුඹලා ප්රතික්ෂේප කළෙහුද? එසේ නම් නුඹලාගේ ප්රතික්ෂේපය හේතුවෙන් නුඹලාහට අල්ලාහ් සූදානම් කර ඇති දඬුවම දැන් භුක්ති විඳිනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න