සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:105

وَلَا تَكُونُوا كَالَّذِينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْبَيِّنَاتُ ۚ وَأُولَٰئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ

පැහැදිලි සාධක තමන් වෙත පැමිණි පසු ව වෙන් ව ගොස් මත ගැටුම් ඇති කර ගත් අය මෙන් නුඹලා නොවනු. තවද (පරලොව) අති මහත් දඬුවම ඔවුනට හිමි වේ.

තෆ්සීර්

අහෝ! විශ්වාස කළවුනි, බෙදී වෙන් වී කණ්ඩායම් හා නිකායන් බවට පත් වූ ආගම් ලත් ජනයා මෙන් නුඹලා නොවනු. ඔවුන් අල්ලාහ්ගෙන් වූ පැහැදිලි සාධක පැමිණි පසු ඔවුනට හිමි වූ දහමෙහි ඔවුහු භේදබින්න වූහ. ඉහත ගතිගුණ සඳහන් කරන ලැබූ අය වනාහි ඔවුනට අල්ලාහ්ගෙන් වූ මහත් දඬුවමක් ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න