සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:103

وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا ۚ وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ إِذْ كُنْتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنْتُمْ عَلَىٰ شَفَا حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا ۗ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ

නුඹලා සියල්ල අල්ලාහ්ගේ රැහැන තදින් ග්‍රහණය කර ගනු. තවද නුඹලා වෙන් ව නොයනු. නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් සිහිපත් කරනු. නුඹලා එකිනෙකා සතුරන් ව සිටි විට ඔහු නුඹලාගේ හදවත් අතර මිතුරු බන්ධනය ඇති කළේය. එවිට නුඹලා ඔහුගේ ආශිර් වාදයෙන් සහෝදරයන් බවට පත් වූහ. තවද නුඹලා (ඊට පෙර) නිරා ගිනි අගාධ අද්දරයෙහි සිටියෙහුය. එවිට ඔහු නුඹලා ව එයින් මුදවා ගත්තේය. එලෙසය නුඹලා යහ මඟ ලබනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ.

තෆ්සීර්

අහෝ! විශ්වාස කළවුනි, නුඹලා කුර්ආනය හා සුන්නාහ් හෙවත් නබි පිළිවෙත තදින් පිළිපදිනු. නුඹලා අතර බෙදීම් ඇති වන තරමට නුඹලා ගැටුම් අති කර නොගනු. නුඹලා ඉස්ලාමය තුළට පිවිසීමට පෙර සුළු කාරණාවන් සඳහා එකිනෙකා මරාගනිමින් සතුරන් ලෙස සිටියදී අල්ලාහ් නුඹලාට කළ ආශිර්වාදය මෙනෙහි කර බලනු. ඔහුගේ භාග්යයෙන් දහම තුළ නුඹලා සහෝදරයින් බවට පත් වූහ. එකිනෙකාට ආදරය කරන්නන් හා උදව් කරන්නන් බවට පත්වූහ. මීට පෙර නුඹලාගේ ප්රතික්ෂේපය හේතුවෙන් නිරයට පිවිසීමට සමීප ව සිටියෙහුය. ඉස්ලාමය පිරිනැමීම තුළින් අල්ලාහ් නුඹලා ව එයින් මුදවා ගත්තේය. දේව විශ්වාසය වෙත ඔහු නුඹලාට මග පෙන්වීය. අල්ලාහ් නුඹලාට මෙය පැහැදිලි කළාක් මෙන්ම මෙලොව හා මතු ලොව නුඹලාගේ තත්ත්වයන් විධිමත් කර ගැනීමේ කරුණුු ද නුඹලාට පැහැදිලි කර ඇත. එය නුඹලා නිවැරදි මාර්ගය වෙත මග පෙන්වනු ලබනු පිණිස හා ඍජු මාවත මත ගමන් කරනු පිණිසය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න