සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:101

وَكَيْفَ تَكْفُرُونَ وَأَنْتُمْ تُتْلَىٰ عَلَيْكُمْ آيَاتُ اللَّهِ وَفِيكُمْ رَسُولُهُ ۗ وَمَنْ يَعْتَصِمْ بِاللَّهِ فَقَدْ هُدِيَ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ

තවද නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ වැකි පහළ කරනු ලබමින් නුඹලා සිටිය දී ද නුඹලා අතර ඔහුගේ ධර්ම දූතයා සිටිය දී ද නුඹලා ප්‍රතික්ෂේප කරනුයේ කෙසේ ද? කවරෙකු අල්ලාහ් ව තදින් ග්‍රහණය කර ගන්නේ ද එවිට සැබැවින්ම ඔහු ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබීය.

තෆ්සීර්

නුඹලා අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් පසු එම විශ්වාසය ගැන තහවුරු කරන මහත් සාධක නුඹලා සමග තිබිය දී නුඹලා ඔහු ව ප්රතික්ෂේප කළ හැක්කේ කෙසේද? අල්ලාහ්ගේ වදන් නුඹලා වෙත කියවා පෙන්වා ඇත. එය ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් නුඹලාට පැහැදිලි කර ඇත. කවරෙකු අල්ලාගේ පුස්තකය හා ඔහුගේ දූතයාණන්ගේ පිළිවෙත තදින් පිළිපදින්නේද අල්ලාහ් ඔහුට ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහි කිසිදු ඇදයක් හෝ අඩුපාඩුවක් දක්නට නොලැබේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න