සූරා 29 · ජුස් 21
Al-'Ankabut · 29:67
أَوَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا حَرَمًا آمِنًا وَيُتَخَطَّفُ النَّاسُ مِنْ حَوْلِهِمْ ۚ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ اللَّهِ يَكْفُرُونَ
ඔවුන් වටා සිටින මිනිසුන් පැහැරගෙන යනු ලබමින් තිබිය දී සුරක්ෂිත ශුද්ධ (වූ භූමියක්) බවට අප පත් කර තිබෙන බව ඔවුහු නොදුටුවෝ ද? එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදය ප්රතික්ෂේප කරමින් අසත්යය ඔවුහු විශ්වාස කරන්නෝ ද?
තෆ්සීර්
අල්ලාහ් ඔවුනට පිරිනැමූ ආශිර්වාද හෙළා දුටුවන් ඔවුන් දියේ ගිලීමෙන් අල්ලාහ් ඔවුන් මුදවා ගත් අවස්ථාවේ දී තවත් ආශිර්වාදයක් ඔවුහු නොදුටුවෝ ද? වෙනත් අය විසින් ඔවුනට එරෙහිව යුධමය වැටලීම් දියත් කිරීමෙන් ඔවුන් ඝාතනය කරනු ලැබීමෙන් සිරගත කරනු ලැබීමෙන් ඔවුන්ගේ කාන්තාවන් හා ඔවුන්ගේ පරපුර වහල්භාවයට පත් කරනු ලැබීෙමෙන් ඔවුන්ගේ ධනය කොල්ලකෑමට ලක් වීමෙන් ඔවුන්ගේ ජීවිතවලට හා ඔවුන්ගේ ධනයට රැකවරණය ලැබෙන පරිදි හරම් හෙවත් මක්කා සීමා ව අපි ඇති කළෙමු. ඉතා දැඩි සේ ඔවුන් විශ්වාස කරන දෙවිවරුන් ව්යාජ නොවන්නේ ද? ඔවුන් වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයන් ඔවුහු ප්රතික්ෂේප කරති. ඔවුහු අල්ලාහ්ට කෘතඥ නොවෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න