සූරා 29 · ජුස් 21
Al-'Ankabut · 29:63
وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ نَزَّلَ مِنَ السَّمَاءِ مَاءً فَأَحْيَا بِهِ الْأَرْضَ مِنْ بَعْدِ مَوْتِهَا لَيَقُولُنَّ اللَّهُ ۚ قُلِ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ
තවද අහසින් ජලය පහළ කොට එමගින් මහපොළොව මියගිය පසුව එය ප්රාණවත් කළේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසුවෙහි නම්, අල්ලාහ් යැයි නියත වශයෙන්ම ඔවුහු පවසති. සියලු ප්රශංසා අල්ලාහ්ටමය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) වටහා නොගනිති යැයි ඔබ පවසනු.
තෆ්සීර්
"අහෝ දූතය! අහසින් වැසි පහළ කොට මහපොළොව වියළී ගිය පසුව එමගින් එහි පැල හටගන්වනුයේ කවුරුන් දැ?" යි නුඹ එම දේව ආදේශකයින්ගෙන් විමසා සිටියේ නම්, "අහසින් වර්ෂාව පහළ කරන්නේත් එමගින් මහපොළොවේ පැලෑටි හට ගන්වන්නේත් අල්ලාහ් යැ"යි පවසති. "අහෝ දූතය! නුඹ පවසනු. නුඹලා වෙනුවෙන් සාක්ෂි හා සාධක මතු කළ අල්ලාහ්ට සියලු ප්රශංසා!" නමුත් සිදු ව ඇත්තේ ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ ගැන වටහා ගන්නෝ නොවෙති. ඔවුන් වටහා ගන්නේ නම් කිසිදු සෙතක් හෝ හානියක් සිදු නොකරන පිළිමවලට අල්ලාහ් සමග ආදේශ කොට නමදින්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න