සූරා 29 · ජුස් 21
Al-'Ankabut · 29:62
اللَّهُ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَيَقْدِرُ لَهُ ۚ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්යාප්ත කර දෙයි. තවද ඔහු ඔහුට ප්රමාණ කොට දෙයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
තෆ්සීර්
අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් අධික ලෙස ලබා දෙයි. ඔහු අභිමත කරන අයට එය සීමා කරයි. එය ඔහු දන්නා ප්රඥාවක් නිසාවෙනි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. තම ගැත්තන්හට සැලසුම් කර ඇති දැයින් යහපත් වන්නේ කුමක් දැයි යන්න වග ඔහුට සැඟවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න