සූරා 29 · ජුස් 21

Al-'Ankabut · 29:61

وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ

අහස් හා මහපොළොව මවා හිරු හා සඳු වසඟ කළේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසුවෙහි නම් සැබැවින්ම අල්ලාහ් යැයි ඔවුහු පවසති. එසේ නම් ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේද?

තෆ්සීර්

අහෝ දූතය! අහස් මැව්වේ කවුරුන් දැයි ද මහපොළොව මැව්වේ කවුරුන් දැයි ද හිරු හා සඳු එකිනෙක ගමන් කරන පරිදි ඒ දෙක වසඟ කළේ කවුරුන් දැයි ද එම දේව ආදේශකයින්ගෙන් නුඹ විමසා සිටියෙහි නම්, සැබැවින්ම ඔවුහු, "අල්ලාහ් ඒවා මැව්වේය" යැයි පවසති. එසේ නම් අල්ලාහ්ට පමණක් විශ්වාස කිරීමෙන් ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද? ඔහු හැර කිසිදු සෙතක් නොසලසන කිසිදු හිංසාවක් නොකරන දෙවිවරුන් ඔවුන් නමදිනුයේ කෙසේ ද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න