සූරා 29 · ජුස් 21

Al-'Ankabut · 29:60

وَكَأَيِّنْ مِنْ دَابَّةٍ لَا تَحْمِلُ رِزْقَهَا اللَّهُ يَرْزُقُهَا وَإِيَّاكُمْ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

කොපමණක් ප්‍රාණීහු වෙත් ද? උන්ගේ පෝෂණය උන් උසුලන්නේ නැත. අල්ලාහ් උන්ට හා නුඹලාට පෝෂණය කරයි. තවද ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.

තෆ්සීර්

සියලු සත්වයෝ වනාහි, -ඒවායෙහි අධිකත්වය නිසාවෙන්- ඒවායෙහි පෝෂණ සම්පත් රැස් කිරීමට හෝ ඒවායෙහි බර ඉසිලීමට හෝ නුඹ ශක්තිය දරන්නේ නැත. ඒවාට පෝෂණය සපයන්නේත්, නුඹලාට පෝෂණය සපයන්නේත් අල්ලාහ්ය. කුසගින්නට බියෙන නික්ම යෑම අතහැර දැමීම නිදහසට කරුණක් නොවේ. ඔහු නුඹලාගේ ප්රකාශවලට සවන් දෙන්නාය. නුඹලගේ චේතනාවන් හා නුඹලාගේ ක්රියාවන් පිළිබඳ සර්වඥානීය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න