සූරා 29 · ජුස් 21
Al-'Ankabut · 29:56
يَا عِبَادِيَ الَّذِينَ آمَنُوا إِنَّ أَرْضِي وَاسِعَةٌ فَإِيَّايَ فَاعْبُدُونِ
අහෝ විශ්වාස කළ මාගේ ගැත්තනි, නියත වශයෙන්ම මාගේ භූමිය විශාලය. එහෙයින් නුඹලා මටම ගැතිකම් කරනු.
තෆ්සීර්
අහෝ මා විශ්වාස කළ මාගේ ගැත්තනි! මා නැමදීමට නුඹලාට පහසුකම් නොමැති භූමියෙන් නුඹලා නික්ම යනු. සැබැවින්ම මාගේ භූමිය ඉතා විශාලය. එහෙයින් නුඹලා මා පමණක් නමදිනු. කිසිවෙකු මට ආදේශ නොතබනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න