සූරා 29 · ජුස් 21
Al-'Ankabut · 29:53
وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ ۚ وَلَوْلَا أَجَلٌ مُسَمًّى لَجَاءَهُمُ الْعَذَابُ وَلَيَأْتِيَنَّهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ
තවද ඔවුහු ඔබගෙන් එම දඬුවම ඉක්මණින් පතති. (එයට) නියමිත කාලයක් නොවී නම් ඔවුන් වෙත එම දඬුවම පැමිණෙන්නට තිබුණි. ඔවුන් නොදැනුවත් ව සිටිය දී එය ක්ෂණික ව ඔවුන් වෙත පැමිණෙනු ඇත.
තෆ්සීර්
අහෝ දූතය! නුඹ දේව ආදේශකයින්හට අවවාද කළ දඬුවම ඉක්මන් කරන මෙන් ඔවුහු ඔබෙන් ඉල්ලති. ඉක්මන් ද නොවන හා ප්රමාද ද නොවන නියමිත කාලයක ඔවුන්ගේ දඬුවම අල්ලාහ් නියම නොකළේ නම්, ඔවුන් පතන දඬුවම ඔවුන් වෙත එන්නට තිබුණි. එමෙන්ම ඔවුන් නොසිතූ අවස්ථාවක, ක්ෂණිකව ඔවුන් වෙත පැමිණෙන්නට තිබුණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න