සූරා 29 · ජුස් 21
Al-'Ankabut · 29:52
قُلْ كَفَىٰ بِاللَّهِ بَيْنِي وَبَيْنَكُمْ شَهِيدًا ۖ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَالَّذِينَ آمَنُوا بِالْبَاطِلِ وَكَفَرُوا بِاللَّهِ أُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ
සාක්ෂිකරුවකු වශයෙන්ම මා අතර හා නුඹලා අතර අල්ලාහ් ප්රමාණවත් විය. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු දනී. අසත්යය විශ්වාස කොට අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුහුමය අලාභවන්තයෝ යැයි (නබිවරය) ඔබ පවසනු.
තෆ්සීර්
මා කවර කරුණක් ගෙන ආවේ ද, එහි මාගේ සත්යතාවයට හා ඒ ගැන නුඹලා කළ බොරුවට සාක්ෂි වශයෙන් නුඹලාට අල්ලාහ් ප්රමාණවත්ය. අහස්හි ඇති දෑ ඔහු දනී. මහපොළොවේ ඇති දෑ ද ඔහු දනී. ඒ දෙකෙහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. අල්ලාහ් හැර නැමදුම් ලබන සියලු නිෂ්ඵල දෑ විශ්වාස කොට නැමදුමට සුදුසු එකීය අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුහුමය පරාජිතයෝ. එය දේව විශ්වාසය වෙනුවට ඔවුන් දේව ප්රතික්ෂේපය හුවමාරු කරගත් බැවිණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න