සූරා 29 · ජුස් 21
Al-'Ankabut · 29:48
وَمَا كُنْتَ تَتْلُو مِنْ قَبْلِهِ مِنْ كِتَابٍ وَلَا تَخُطُّهُ بِيَمِينِكَ ۖ إِذًا لَارْتَابَ الْمُبْطِلُونَ
මීට පෙර කිසිදු දේව ග්රන්ථයක් ඔබ පාරායනය කරමින් නොසිටියෙහිය. ඔබේ දකුණතින් එය ඔබ නොලිව්වෙහිය. එසේ වී නම් අසත්යයේ නිරත ව සිටින්නන් සැක කරනු ඇත.
තෆ්සීර්
අහෝ දූතය! කුර්ආනයට පෙර කිසිදු ග්රන්ථයක් කියවන්නෙකු ලෙස නුඹ නොසිටියෙහිය. නුඹේ දකුණතින් නුඹ කිසිවක් ලියන්නෙකු නොවීය. සැබැවින්ම නුඹ මෙය ලිවීමට හෝ කියවීමට හෝ නොහැකි සාක්ෂරතාවක් නොමැත්තෙකු වන බැවිනි. නුඹට කියවීමට හා ලිවීමට හෝ හැකියාව තිබුණේ නම් නුඹේ නබිත්වය පිළිබඳ මිනිසුන් අඥාන ලෙස සැක කරන්නට තිබුණි. එමෙන්ම සැබැවින්ම නුඹට පෙර පහළ වූ ග්රන්ථවලින් නුඹ උපුටා ලියන්නට ඇතැයි ඔවුන් පවසා සිටින්නට තිබුණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න