සූරා 29 · ජුස් 21
Al-'Ankabut · 29:47
وَكَذَٰلِكَ أَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ ۚ فَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يُؤْمِنُونَ بِهِ ۖ وَمِنْ هَٰؤُلَاءِ مَنْ يُؤْمِنُ بِهِ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الْكَافِرُونَ
එලෙස අපි ඔබ වෙතට ද දේව ග්රන්ථය පහළ කළෙමු. (මීට පෙර) අපි දේව ග්රන්ථය පහළ කළා වූ අය එය විශ්වාස කරති. තවද මොවුන් අතුරින් එය විශ්වාස කරන්නන් ද වෙති. දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ මිස වෙනත් කිසිවකුත් අපගේ වදන් හෙළා නොදකිති.
තෆ්සීර්
ඔබට පෙර සිටි අය වෙත දිව්ය පුස්තක අපි පහළ කළාක් සේම ඔබ වෙත ද අල් කුර්ආනය අපි පහළ කළෙමු .-අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් වැනි - තව්රාතය කියවමින් සිටි ඇතැමුන් එය විශ්වාස කරන්නට විය. ඊට හේතුව ඔවුන්ගේ දිව්ය ග්රන්ථවල ඒ ගැන වර්ණනාවන් සිදු කර තිබෙනු ඔවුන් දැක තිබීමයි. මෙම බහුදේව වාදීන් අතරින් එය විශ්වාස කරන්නන් ද සිටිති. දේව ප්රතික්ෂේපය හා සත්යය පැහැදිලිව තිබියදීත් එය පිටුපෑම සිරිතක් කර ගත් දේව ප්රතික්ෂේපකයින් මිස වෙනත් කිසිවකු අපගේ සාධක හා සංඥා ප්රතික්ෂේප කරන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න