සූරා 29 · ජුස් 21
Al-'Ankabut · 29:46
۞ وَلَا تُجَادِلُوا أَهْلَ الْكِتَابِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ ۖ وَقُولُوا آمَنَّا بِالَّذِي أُنْزِلَ إِلَيْنَا وَأُنْزِلَ إِلَيْكُمْ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمْ وَاحِدٌ وَنَحْنُ لَهُ مُسْلِمُونَ
දේව ග්රන්ථ ලත් අය අතුරින් අපරාධ කළවුන් සමග හැර සෙසු අය සමග කවර දෙයක් යහපත් වන්නේ ද එය මිස වෙනත් කිසිවක් ගැන තර්ක කරනු. ‘අප වෙත පහළ කරනු ලැබූ දෑ ගැන ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ගැන ද අපි විශ්වාස කළෙමු. තවද අපගේ දෙවියන් හා නුඹලාගේ දෙවියන් එකමය. තවද අපි ඔහුට අවනත (වන මුස්ලිම්වරු) වෙමු.’ යැයි නුඹලා පවසනු.
තෆ්සීර්
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා යුදෙව්වන් හා කිතුනුවන් සමග යහපත් ක්රමවේදයකින් හා පූර්වාදර්ශී මාර්ගයකින් මිස තර්ක නොකරනු. වාද නොකරනු. එය උපදෙස් හා පැහැදිලි සාධක ඉදිරිපත් කරමින් කරන ඇරයුමයි. නමුත් ඔවුන් අතරින් අහංකාරයෙන් හා මුරණ්ඩුකමින් අපරාධ කළවුන් සමඟ හැර. නුඹලාට එරෙහිව යුද වදින්නන්හට යුද්ධය ප්රකාශ කරනු. ඔවුන් යටත් වන තෙක් හෝ ඔවුන් යටහත්ව ජිය්සා බදු ගෙවන තෙක් හෝ ඔවුන් සමග සටන් කරනු. තවදුරටත් යුදෙව්වන් හා කිතුනුවන්ට නුඹලා මෙසේ පවසනු, "සැබැවින්ම අල් කුර්ආනයෙන් අප වෙත අල්ලාහ් පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. තවද නුඹලා වෙත පහළ කළ තව්රාතය හා ඉන්ජීලය ද විශ්වාස කළෙමු. අපගේ දෙවියන් හා නුඹලාගේ දෙවියන් එකමය. ඔහුගේ දේවත්වයේ ඔහුගේ පරිපාලනයේ හා ඔහුගේ පූර්ණත්වයේ ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. අපි ඔහුට පමණක් යටහත් පහත් වන්නෙමු."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න