සූරා 29 · ජුස් 20
Al-'Ankabut · 29:41
مَثَلُ الَّذِينَ اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ أَوْلِيَاءَ كَمَثَلِ الْعَنْكَبُوتِ اتَّخَذَتْ بَيْتًا ۖ وَإِنَّ أَوْهَنَ الْبُيُوتِ لَبَيْتُ الْعَنْكَبُوتِ ۖ لَوْ كَانُوا يَعْلَمُونَ
අල්ලාහ් හැර භාරකරුවන් ලෙස ගත්තවුන්ගේ උපමාව නිවසක් තනා ගත් මකුළුවාගේ උපමාව මෙනි. ඔවුන් දැන සිටියාහු නම්, නියත වශයෙන්ම නිවෙස් අතුරින් වඩාත් දුර්වල වනුයේ මකුළුවාගේ නිවසයි.
තෆ්සීර්
අල්ලාහ් හැර තමන්ට සෙත සලසනු ඇතැයි ද තමන් වෙනුවෙන් මැදිහත් වනු ඇතැයි යන අපේක්ෂාවෙන් පිළිම වන්දනාව තෝරාගත් බහුදේව වාදීන්ට උදාහරණය සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා තනා ගත් මකුළුවාගේ නිවස මෙනි. නිවෙස් වලින් දුර්වලතම නිවස මකුළුවාගේ නිවසයි. එය සතුරන්ගෙන් ආරක්ෂාව සලසන්නේ නැත. ඔවුන්ගේ පිළිමද එසේය. ඒවා කිසිදු සෙතක් සළසන්නේ නැති අතර මැදිහත් වන්නේ ද නැත. දේව ආදේශකයින් එය දැන සිටියා නම් අල්ලාහ් හැර නැමදීම සඳහා ඔවුන් පිළිම නොගන්නට තිබිණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න