සූරා 29 · ජුස් 20
Al-'Ankabut · 29:40
فَكُلًّا أَخَذْنَا بِذَنْبِهِ ۖ فَمِنْهُمْ مَنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا وَمِنْهُمْ مَنْ أَخَذَتْهُ الصَّيْحَةُ وَمِنْهُمْ مَنْ خَسَفْنَا بِهِ الْأَرْضَ وَمِنْهُمْ مَنْ أَغْرَقْنَا ۚ وَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ
එබැවින් සෑම සමූහයක්ම එහි පාපය හේතුවෙන් අපි ග්රහණය කළෙමු. එහෙයින් ඔවුන් අතුරින් අප ඒ(සමූහය) වෙත සැඩ සුළං එවූ අය ද වෙති. තවද ඔවුන් අතුරින් මහ හඬ එ(ම සමූහ)ය හසුකරගත් අය ද වෙති. තවද ඔවුන් අතුරින් එ(ම සමූහ)ය මහපොළොවට ගිල් වූ අයද වෙති. තවද ඔවුන් අතුරින් අප ජලයේ ගිල්වූ අය ද වෙයි. අල්ලාහ් ඔවුනට අපරාධ කිරීමට (රිසි) නොවීය. නමුත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගත්තෝය.
තෆ්සීර්
පෙර සඳහන් කරනු ලැබූ සෑම සමූහයක්ම විනාශකාරී අපගේ දඬුවමින් අපි ඔවුන් ග්රහණය කළෙමු. ඔවුන් අතරින් එකිනෙක බැඳුණු රත්වූ ගල් වර්ෂාවක් එවා විනාශ කළ ලූත්ගේ ජනයා වෙති. තවද මහා හඬක් ඔවුන් හසුකරගත් ෂුඅයිබ්ගේ ජනයා හා සාලිහ්ගේ ජනයා ද වෙති. තවද ඔහු හා ඔහුගේ නිවස පොළොවට ගිලා බස්වා විනාශ කළ කාරූන්ද වෙති. තවද දියේ ගිල්වා විනාශ කළ ෆිර්අවුන් හා හාමාන් ද වෙති. කිසිදු වරදකින් තොරව ඔවුන් විනාශ කර දැමීමෙන් අල්ලාහ් ඔවුනට අපරාධ කරන්නෙකු නොවීය. වැරදි සිදු කොට තමන්ටම අපරාධ කරගත්තෝ ඔවුහුමය. එහෙයින් ඔවුනට දඬුවම උරුම විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න