සූරා 29 · ජුස් 20
Al-'Ankabut · 29:39
وَقَارُونَ وَفِرْعَوْنَ وَهَامَانَ ۖ وَلَقَدْ جَاءَهُمْ مُوسَىٰ بِالْبَيِّنَاتِ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ وَمَا كَانُوا سَابِقِينَ
තවද කාරූන් ෆිර්අවුන් හා හාමාන් ද (විනාශ කළෙමු.) සැබැවින්ම මූසා ඔවුන් වෙත පැහැදිලි සාධක ගෙන ආවේය. නමුත් ඔවුන් මහපොළොවේ උඩඟුකම් පෑහ. තවද ඔවුහු තරඟ වැද මිදී යන්නන් නොවූහ.
තෆ්සීර්
කාරූන්, මූසා (අලයිහිස් සලාම්) තුමාගේ සමූහයාට අපරාධ කළ කල්හි ඔහු හා ඔහුගේ නිවෙස පොළොවට ගිල්වා අපි ඔහු විනාශ කළෙමු. එමෙන්ම ෆිර්අවුන් හා ඔහුගේ ඇමති හාමාන් සාගරයේ ගිල්වා විනාශ කළෙමු. මූසා අලයිහිස් සලාම් තුමා තමන්ගේ සත්යතාව පෙන්වා දෙන පැහැදිලි සාධක සමග පැමිණියහ. නමුත් මිසර දේශයේ ජනයා ඔහුව විශ්වාස කිරීමට උඩඟු වූවෝය. අපගේ දඬුවමින් මිදී ඔවුන් ආරක්ෂා වන්නන් නොවූවෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න