සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:38

وَعَادًا وَثَمُودَ وَقَدْ تَبَيَّنَ لَكُمْ مِنْ مَسَاكِنِهِمْ ۖ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ وَكَانُوا مُسْتَبْصِرِينَ

තවද ආද් ජනයා සහ සමූද් ජනයා ද (විනාශ කළෙමු.) තවද සැබැවින්ම ඔවුන්ගේ වාසස්ථානයන්ගෙන් (ඔවුන්ගේ තත්ත්වය) නුඹලාට පැහැදිලි වී ඇත. ඔවුන් බුද්ධිමතුන් ව සිටිය දී ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට අලංකාර කර පෙන්වා ඍජු මාර්ගයෙන් ඔවුන් වැළැක්වීය.

තෆ්සීර්

එලෙසම හූද්ගේ සමූහයා වන ආද් ජනයා හා සාලිහ්ගේ සමූහයා වන සමූද් ජනයා ද අපි විනාශ කළෙමු. අහෝ මක්කා වැසියනි! ඔවුන්ගේ විනාශය පිළිබඳ නුඹලාට පෙන්වා දෙන සාධක හළරමව්ත්හි පිහිටි අෂ් ෂිහිර් නම් ප්රදේශයන්හි සහ හිජ්ර් ප්රදේශයන්හි ඔවුන්ගේ වාසස්ථාන තුළින් නුඹලාට පැහැදිලි වනු ඇත. ඔවුන්ගේ නිවෙස් ගරා වැටී තිබීම එයට සාක්ෂියකි. දේව ප්රතික්ෂේපය හා අනෙකුත් පාපකම් මත නියැලී සිටි ඔවුන්ගේ ක්රියාවන් ෂෙයිතාන් ඔවුනට අලංකාරවත් කළේය. ඍජු මාර්ගයෙන් ඔහු ඔවුන් හැරෙව්වේය. ඔවුන්ගේ දූතවරුන් ඔවුනට ඉගැන් වූ සත්යය, මුළාව, යහමග හා අවලංගු දෑ යනාදිය පිළිබඳ මනා අවබෝධයක් ඇත්තන් වූවෝය. නමුත් ඔවුහු ආශාවන් පසුපස හඹා යමින් ආශාවන් පිළිපැදීම තෝරා ගත්තෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න